← Hymns මෙනෙහි කිරීමේ ගී

ඈතින් ඇසෙනා

ඈතින් ඇසෙනා ඒ ගී රාවේ සමිදුනි - ඔඛෙ පැසසුම් කියැවේ
කදුවැටි පීරා හමනා සුලඟේ සමිදුනි - ඔඛෙ පැසසුම් කියැවේ

පුන ගැයුම:

ජය ශී්‍ර වේවා පැසසුම් වේවා
සමිඳේ ඔබ නිති සැරදේවා

ගලමින් බසිනා ගඟ දිය රැල්ලේ සමිදුනි ඔඛෙ
පැසසුම් කියැවේ
ගල්පර පීරා හැලෙනා ඇල්ලේ සමිදුනි
ඔඛෙ පැසසුම් කියැවේ

සුලඟින් සැලෙනා බර වී කරලේ සමිදුනි
ඔඛෙ පැසසුම් කියැවේ
දැල්ගොඩ ඇදෙනා ඒ සුදු වැල්ලේ සමිදුනි
ඔඛෙ පැසසුම් කියැවේ