← Hymns විවිධ ගීතිකා

දෙවි සමිදුන්ගේ

පුන ගැයුම:

දෙවි සමිදුන්ගේ සේවෙට කැපවූ
කිතු බැති අදරැති සොහොයුරෙනී
ඔබ හට ජයවේ ඔබහට තුති වේ
නිදුකින් ඔබ දිගු කල් සැරදේ

ලෝ සැප දුරලා කිතු තුම සමගින්
ජයටැඹ දෙසටමැ ලංවන්නේ
මරි මව් සරණය වෙයි රකවරණය
පිවිතුරු හදවත් පොපියන්නේ

බිය සැක නොමැතිව මුළු දිවි පෙවෙතම
ජේසුතුමන් හට කැප කෙරුවේ
කොතරම් කරදර බාධක ආවත්
කිසිදින නෑ ඔබ පසු බැස්සේ

යුක්තිය සමගිය පෙරදැරි කරගෙන
අදමිටු මනුලොව ජයගන්නේ
සමිදුන් නිවසේ සැනසුම ලබමින්
කිතු දම දස අත පතුරන්නේ