කැඳවනු මැන
පුන ගැයුම:
කැඳවනු මැන සමිඳේ - ඔබ සේවයටා
දිරි දෙනු මැන සමිඳේ - ඔබ හට කැපවෙන්ටා
යුක්තිය සත්‍යය රජකර වන්නට
රට දැය වෙනුවෙන් පෙරමුණ ගන්නට
පහසුව නොතකා ශ්‍රමය පුදන්නට
දෙනු මැන ශක්තිය නිති දින අපහට
යෞවන දිවියන් රස ගන්වන්නට
ලොව රසවත් කොට පරවී යන්නට
ඔබ වෙනුවෙන් කැපවී දිවි ගෙවුමට
දෙනු මැන ශක්තිය නිති දින අපහට
පව්කරුවන් හා අසරණයන් හට
ඔබ පෙම් කළ සේ සත මෙත පෑමට
කිතු හිමි බස අප පන සේ රැකුමට
දෙනු මැන ශක්තිය නිති දින අපහට
ලොව රිසි සැප සෙත සම්පත වෙනුවට
ඔබ වදනට එකඟව දිවි ගෙවුමට
දෙසු පෙම් දහමේ ගුණ ගී ගැයුමට
දෙනු මැන ශක්තිය නිති දින අපහට