දෙවියනේ ඔබ
දෙවියනේ ඔබ ඔබේ සෙනඟට
නිබඳ පෙන්වති යහ ගුණේ
තවද පිරිසිදු සිතැතියන් හට
ඉවරයක් නැති මෙත් ගුණේ
පුන ගැයුම:
මා ළඟින් ඔබ සිටියොතින් මට
දෙවියනේ ඇති දෙවියනේ //
නමුත් තව එක මොහොතකින් මගෙ
යනු ඇතේ පා පැකිළිලා
මගේ පියවර ඩිංගෙකින් තව
යන්න තිබුණේ ගැස්සිලා
බලා සිටියෙම් අදමිටුන්ගේ
ඉසුරු සැප උන් වළඳනා
උඩගු උන් ගැනැ මෙසේ මගෙ සිත
ඉරිසියාවෙන් පිරිලා
නුවණ වැටැහුම් නැති තිරිසනුන්
වගේ වෙම් ඔබ ඉදිරියේ
සිටි නිසා නිති මුවාවේ ඔබ
ගත්හ ඔබ මා සුරතිනේ
සගේ නැත මට කෙනෙක් ඔබ ඇරැ
කිසිත් නෑ මට මිහි පිටේ
ඇලුම් වන්නට ඇති එකමැ දේ
ඔබ මැ පමණකි දෙවියනේ
මගේ සම් මස් මගේ හදවත
ගියත් පිරිහී කමක් නෑ
එහෙත් දෙවියෝ වෙතිම සවිබල
උරුමෙ කොටසත් සදහටේ