← Hymns බොදුන් ගී

මා හද දොර ළඟ

පුන ගැයුම:

මා හද දොර ළඟ කවුරුද හිඳගෙන
තට්ටු කරනු ඇත නැවතුම් ගන්නට
කවුලු පියන් හැර බැලුවෙමි රහසේ
සමිදුන් බව දැන බියෙන් සැලුනි හද

කෙලෙස වඩිනු සමිඳේ පව් පිරි හදට මගේ
ඔබ පිලිගන්නට පා දෝවන්නට
නැත ළඟ සුවඳ ජලේ

වඩින්න දෙවි සමිඳේ හද කුටියටම මගේ
ඔබ මා හද බැහැ දැකුමෙන්
දිවියම එළිය වෙතේ

නිරෝගි දනට නොවේ වෙදෙකු වුවමනා වන්නේ
දිනකදි ඔබ කී දේ
මා මතකයට නැගෙ