දෙවිදුනි ඔබ හට වඳිනු සදා
දෙවිදුනි ඔබ හට වඳිනු සදා
ඔබ පුතු පඩුරම පුදමු මෙදා
දිවි දෙන පූපය මෙන්න අපේ
මිදිරස සිරි ලෙය ගන්න පියේ
දෝතට අරගෙන පඩුරු කරන්නට
ඔබ වෙත රොක් වෙමු ජය ශී්‍ර පතුරා
රස පැන් මිදිරස හා මුසු වී
මනු බව සඟවයි දේව බවේ
ජේසුනි හද තුළ අප සඟවා
දෙවි දරු කරන්න පවින් මුදා
දිවි දෙන පූපය මෙන්න අපේ
මිදිරස සිරි ලෙය ගන්න පියේ
සැම රසයෙන් ගෙන මිදිරස බේරා
ආවෙමු පුදනට පූපය තනවා
දෙවිබව දක්වමු ලොව සැමටා
හොඳ හිත පාමින් දෙවි පිනෙනා