දෙවිදුනි එමි මම පුදසුනටා
දෙවිදුනි එමි මම පුදසුනටා
ඔබගේ සේවෙට කැපවෙන්ටා
පිළිගෙන මගෙ දිවි මිනිස් බවේ
දුන මැන දිවි ඇරඹුමටා
අන් ඇස් සඳරෙහි උසස් වූවත්
එලෙසේ ම.සිතේ නොම වේවා
මහතුම් උස්තැන ඔබ සමිඳේ
මම ඔඛෙ අබලවූ සේවකයා
සේවයෙ ඔඛෙ දිවි අද ඇරැඹේ
ඇනුම් බැනුම් ගෙරවුම් සිකුරුයි
සමිඳේ ඔබ මේ වින්ද බැවින්
නැත කිසිදා පසුබට වන්නේ
මව් පිය සොහොයුරු සොහොයුරියෝ
අත හිත දුන් සොඳ ගුරු මිතුරෝ
ලබැඳිව ජීවය රුව කෙරුවෝ
ආසිරි දේවා දෙවි සමිෙඳ