උපදිනවා හොඳ දවසක්
උපදිනවා හොඳ දවසක් - හමුවෙනවා සොදුරු හදක්
පැවසෙනවා සුහද බසක් - බිහිවෙනවා කිතු පැතුමක්
පුන ගැයුම:
නෙතඟින් තොළඟින් කියුමෙන් කෙරුමෙන්
ලස්සන මැවුමට - ලස්සන දෙන්නට
අප හදවත් දෙනවා //
දෙවිදු ගෙනා යහ තිළිණේ - ආදරයයි මිනිස් බවේ
මිනිස් බවේ සෙනෙහ ලබා - හොඳ දවසක් උපදිනවා
අවුල් බවින් එළියක් දි - රුවැති ලොවින් බිහිකරලා
දෙවිදු රුවින් අපව සදා - හොඳ දවසක් උදාකලා