← Hymns ඇතුල්වීමේ ගී

කුරුළු රංචු

කුරුළු රංචු උදෙන් පිබිද ගීත ගයනවා
සුවඳ පියුම් මානෙල් මල් දැන් පිබිදෙනවා
සොබා දහම වතට වතදී සිනා පානවා
සැවොමැ එක්වැ මැව්ව දෙවිදු මහිමෙ කියනවා

පුන ගැයුම:

එන්න සැමදෙනා එක්ව අදරිනා
මෙ පුදසුන වටා ආදරින් මෙදා
ගයා දණනමා වඳිමු දෙවි තුමා

අළුත ගෙතුනු අරුත් පිරුනු වදන් සොයාලා
පසස දෙමින් මිහිරි සරින් තාල ගොතාලා
සැවොම එකවැ දෙවිදුන් හොඳ ගයමු තුටුවෙලා
දෙවිදු පුතුට තුරුළු වෙමින් සැනසිලි ලබලා

නටමු ගයමු සොදුරු ලොවක සාදයෙන් පිනා
වියොල වයා සතුට ඛෙදා දසත සැම දිනා
සමිදු සමඟ එක්වැ සිටින දුබල ලෙව් දනා
මිතුරු දහම වඩව් මෙලොව ගයා සතුටිනා