← Hymns ඇතුල්වීමේ ගී

පොඩි පොඩි කුරුල්ලනේ

පොඩි පොඩි කුරුල්ලනේ ගී කවි කියපන්
කිචි බිචි නාදෙන් මිහිරක් නංවාපන්
සල සල පියාපතින් රිද්මය දීපන්
තොප මැව් දෙවිදුන්හට ගී හඩවාපන් //

පොඩි පොඩි මාළුවනේ ගී කවි කියපන්
සල සල වරල් තොපේ රිද්මය දීපන්
රැල රැල එකතුවෙලා තාලෙට නටපන්
තොප මැව් දෙවිදුන්හට ගී හ~වාපන් //

සැලි සැලි තුරුලිය රස ගී පොඩි කියපන්
වැනි වැනි මද නල හා රිද්මය දීපන්
පොඩි පොඩි මල් පොරවා තාලෙට නටපන්
තොප මැව් දෙවිදුන්හට ගී හඩවාපන් //

මනු අපි සැම එක් වී ගී පොඩි ගයමූ
එතුමන් මැවිල්ල දෙන රිද්මය දීපන්
දෙවිදුන් පසසා වනවා තුති පුදමූ
අප මැව් දෙවිදුන්හට ගී හඩනඟමූ //