දෙවිදුන්ගේ හඩ
දෙවිදුන්ගේ හඩ අපට ඇසෙන්නේ
රළ මුහුදේ නැඟෙන හඬින්
එතුමන් තෙද බල අපට හැඟෙන්නේ
දිලිසෙන ඒ ළහිරු රැසින්
පුන ගැයුම:
පිබිදෙන්නැ හනිකට සොයුරු සොයුරියනි
අප මැවූ දෙවිදුන් හමුවන්න
නිදි ගැට හැරදා එනු මැන මිතුරනි
මනු දිවියේ රස විඳගන්න
දෙවිදුන්ගේ පෙම අපට දැනෙන්නේ
සිඟිති ළමා සතුට තුළින්
එතුමන් මියුරස අප සනසන්නේ
ටිකිරි සිනා නඟන රැවින්