ජීවිතේ මට දුන්නු
ජීවිතේ මට දුන්නු දෙවිතුමනේ
මගේ පණ නල ඔබ අතේ රැදුනේ
රැක ගන්න සමිදුනි මා
රැක ගන්න සමිදුනි මා //
සතුරු අනතුරු මා වටේ එන්නේ
රුදුරු බියකරු සතුන් විලසින්නේ
රැක ගන්න සමිදුනි මා
රැක ගන්න සමිදුනි මා //
හිරු උදාවී දවස ඇරඹෙන්නේ
දිවිය ගෙවුමට මා වෙහෙස වන්නේ
රැක ගන්න සමිදුනි මා
රැක ගන්න සමිදුනි මා //
අදුරු සිතුවිලි වලින් වට වෙන්නේ
දුක් සුසුම් පැරදුම් වෙළා ගන්නේ
රැක ගන්න සමිදුනි මා
රැක ගන්න සමිදුනි මා //