← Hymns ශුද්ධාත්ම ගීතිකා

දෙවන් පහන්

දෙවන් පහන් මිණි නඟා වඩිනු සුදතුණේ
හද පුරා වගුරුවා කිදුරස් ඔබගේ

අසරණුන් පියේ වඩිනු වරම් දෙන පියේ
හිතට එළිය ඔබ අනේ වඩිනු අප සොයා

නිවන වෙහෙසෙදී හෙවණ ගිමන් පෙළුමෙදී
දුකේ පලපෙ අස්වැසුම් සුදත් සුරිදුණේ

ඇදැහියන් සැදෑ ඔබට ගැතිවැ ඔබ පතා
සිටින සැමට සත් වරම් පිහිට දෙනු වඩා