← Hymns ශුද්ධාත්ම ගීතිකා

ස්පී්‍රතු සාන්තු දෙවි වඩිනු

ස්පී්‍රතු සාන්තු දෙවි වඩිනු
ගැතුන් මනස් හි වසනු
වරම් තුෂාර වස්වනු
ඔඛෙන් දිනි සිත් වඩනු

ඉදුරන් අප දල්වලා
සිත දාවෙන් දල්වලා
දුබල කය මුළුල්ලා
වීරියෙන් නිති පුරලා

සතුරන් අප පලවා
සාම සිතෙහි පිහිටුවා
නියම් පා වැටුම් පාදවා
පාපයෙන් අප ගලවා

තෙද වේවා දෙව් පියටා
මරණ දිනු පුතුටා
අස්වසන්නා වු ඔබටා
දැනුත් අනන්ත කාලෙටා