දහසක් අතරින්
පුන ගැයුම:
දහසක් අතරින් මා තෝරා ගත්තාවූ සමිදුනි ඔබ හට
නිරන්තරෙ බැති ගී ගයන්නෙමී තුති ගී ගයන්නෙමී
අදුරින් පිරි ලොව එලිය කරන්නට දැල්වෙන පහනක් වී
දෙව් ජනතාවම රස ගන්වන්නට පොළවේ ලවණක් වී
දුක් ගිනි දරනා මේ ලෝ දන හට සැනසුම් සුවයක් දී
වැදුමට පිදුමට වහල් නොවන්නට ඔවුනට පහදා දී
දිවියේ සියලුම අගය බලන්නට සැම හට මඟ පහදා
දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට අවියක් වන්නට මා
අවියක් වන්නට මා