← Hymns බොදුන් ගී

දවසක දූවිලි

දවසක දූවිලි පසට හැරෙ
පසද ගලට පෙරලේ
දවසක ගලකින් මැණික් සෑදේ
දහමේ සිරිත මෙයයි

දූවිල්ලෙන් මැණිකක් සෑදේ
මඩෙන් නෙළුම් මතුවේ
ඛෙලි කටුවෙන් මුතුවක් සෑදේ
කටු අග මල් පිබිදේ

එළියෙන් රැය දවසට පෙරලේ
මැණිකට ගලක් හැරෙ
හැම දෙයටම සුභ මොහොතක් ඒ
ඔබටද එය පැමිණේ

අද ගල් බිම හෙට මල් බිම වේ
මල් බිදු පැණි බිදු වේ
පැණි බිදු බිදු මී වදයක් වේ
සෝබා දහම මෙයයි