මගෙ ජීවනයම
පුන ගැයුම:
මගෙ ජීවනයම ඔබවේ
ඔබ මගෙ රැකවරණය වේ
ගැළවුම් මාර®ගය සත්‍යය ඔබමයි
සැබැවයි සමිඳේ සැබැවයි
ආවේ ජීවනයම දෙන්නයි වැඩි වැඩියෙන් දෙන්නයි
සැමකල දිරිදෙන ඔබ බලයයි මගෙ දිවි ඔබ නතුවෙයි
ඔබ ඇති අය වෙත ජීවනයයි නැති අය වෙත මරණේ
නොබියව නොසැලී සිටිනට සැම කල්
කැඳවනු මගෙ නම කියලා
ජලයේ මැදිනා යන කලටා ඇත මට ඔබ පිහිටා
මැදිනා යන කල මහ ගංඟා නොගලයි මා උඩිනා
ගිනි මැද යන කල මා නොදැවේ
ගිනි දැල් නොම ඇවිලේ
ඔබ මගෙ දෙවි වේ බිය සැක නොදැනේ
තුතිවේ සමිඳේ තුති වේ
සව්ලෝ සතුනට සෙත දෙන්නයි
කිතු සිත පතුරන්නයි
ජීවන ජලයෙන් නහවන්නයි රැකවරණය දෙන්නයි
ගැළැවුම් මාර®ගය සලසන්නයි
පිළිතුර ඔබ වෙන්නයි
ම.පැතුම එය වේ ඔබ ඉටු දෙවිවේ
තුති වේ සමිඳේ තුති වේ