← Hymns බොදුන් ගී

කුමක් කමුද කුමක් බොමුද

පුන ගැයුම:

කුමක් කමුද කුමක් බොමුද අඳිමුදැයි කියා
ලතැවි ඉන්නෙ මන්ද සොයුර පියෙක් ඇත බලා

කුරුළු රංචු කැදලි කරා පියාසර කරයි
කෑම පතා අටුකොටුවල රැස්කර නොතබයි
මානෙල් මල් කෙතෙහි පැළඳි ලස්සන කදිමයි
සරසවන්න නූල් කැටුවෙ කවුරුද පුදුමයි

උසින් වියත කැමති ලෙසට ලබා ගත නොහේ
හිසේ වරණෙ සිතූ ලෙසට වෙනස් කළ නොහේ
සැකය ඇයිද දරුවකු වෙත අසහනය දැනී
ඔබට පියෙක් ඇත සගයේ ආදරෙන් පිරි

මෙලෝ සැපත මවන ධනය විනාසෙට ඇදෙයි
දෙවිදු සතුට සොයා යන්න සියළු දෙය ලැඛෙයි
නපුරු පියත් තම දරුවට සුවසෙත සලසයි
කරුණාබර සගේ පියා ඔබම සොයා එයි