ජේසු දෙවියනී
ජේසු දෙවියනී පූපයක් මෙනී
ඇසට පෙනෙනුයේ විඳිනෙමූ දෙවියනී
පවින් අප මුදා
සැපට මග සදා
අපට සෙත යෙදූ
ජේසු නමදිමූ
මරිය මව් කුසේ අපව මුදන සේ
මිනිස් රුව ලැබූ වඳිනෙමූ දෙවියනී
මොලොව සිටියදී පුදුම කර දිදී
අපව රැක බැලූ වඳිනෙමූ දෙවියනී
සැබෑ ලැදි බවේ ලකුණ ඔබම වේ
සත්ප්‍රසාදයේ ජේසුනී වඳිනෙමූ