ගී හඬ නගමින්
ගී හඬ නගමින් තුති ගොස පුදමින්
සමිඳුගෙ මැදුරට යමු තොසිනා
සමිඳුනී සුර සේනාවන්ගේ දෙවිඳුනී
ඔබගේ වාසභවනය කොතරම් දර්ශණීයද
මාගේ ආත්මය ඔබ වාසභවනය වෙත ඒමට
නොඉවසිල්ලෙන් බලා සිිටින්නේය
ජීවමාන දෙවියන් හට
මාගේ හෘදයත් මාගේ ආත්මයත්
පී්‍රතියෙන් මොර ගසන්නේය
ඔබ තුළ ශක්තිය රදා ඇති සියල්ලො
ප්‍රීතියෙන් පසු වන්නෝය
පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට තුති වේවා
දැනුත් සදහටත් මහිමය වේවා