අහස ඔබේ මහිමේ
අහස ඔබේ මහිමේ පළකරය දෙවියෙනේ
ගුවන් සතද අත්කම් එතුමන්ගෙ වන්නේ
එක දවසක් තව දිනකට පණිවුඩ දෙන්නේ
රැයෙකැ දැනුම තව රැයකට ඛෙදා හරින්නේ
අණ පනත් ඔබේ - සමිඳුනි
හද පිනවන්නේ
දහම් නිය ඔබේ - සුරිඳුනි
ඇස් පහදන්නේ
උඩඟු වනු නොදි ඔබගේ දස්ස රකින්නේ
යට වන්නට ඊට මාව බාර නොදෙන්නේ
එවිටැ දොසින් මිදී ඉන්න මට හැකි වන්නේ
තවද මහා බර පාපෙන් මිදුම ලැඛෙන්නේ