← Hymns ඇතුල්වීමේ ගී

එව් අප තොස

එව් අප තොස පළ කරනට සමිඳු ඉදිරියේ
අප රක්නා නොසැලෙන සල හට ජය ජය වේ
යමු අපි එතුමන් හමුවට ගයා තුති පුදා
සමිඳුන් හට ගී ඔහොයිය නඟමු අපි මෙදා

පුන ගැයුම:

ඇතුළු වන්නැ, වැඳ වැටෙන්නැ, බිමට පහත් වී
අපව මැව්ව දෙවිසුරුනට වඳිමු දණ නමා
එතුමෝ වෙති අප පරමත් දෙවිසුරාණ නෝ
අපි වමු එතුමන් අත යට රැකෙන බැටෙළුවෝ


සමිඳෝ වෙති දෙවිසුරු මහබලවතාණනෝ
සියලු මුරුන්ගේ මහ බල රජ ඉසුරාණෝ
පොළොවේ මහ ගැඹුරු තැන්ද ඇත එතුමන' තේ
මැවුණු මුහුද, පොළොව කඳුද එතුමන් උරුමේ