← Hymns මෙනෙහි කිරීමේ ගී

කන්කළුරස බර

පුන ගැයුම:

කන්කළු රස බර ගීත ගයා
පියා සලා යන මිහිර සොයා
සිඟිති කුරුල්ලන් කවා පොවා
සමිදුන් සුරකිති උන් සතපා

ලස්සන කුසුමන් පිපෙති කැලේ
ඕලු නෙලුම් හිනැහේ ජලයේ
විලේ පිපෙන සුදු ලිලී මලේ
ජීවය දෙවිදුන් ගෙන් ලැබුනේ

තණමත රැඳි පිනි බිදු විලසේ
ඇතිවී නැති වන ලෝ සැමදේ
නොසොයා දහසක් සැප ලෝකේ
සොයමු සමිදු හා සැප සගයේ