දෙසට කදුකරෙ
පුන ගැයුම:
දෙසට කදුකරෙ
නගමි ඇස් මගේ
එනු ඇතේ එතැනිනේ
උදව් පිහිට මා සොයා
අහස හා පොළොව හා
මැව්ව සමිදුණේ
මගෙ සහයට ඔබ මැ වඩින්නේ
දෙපා හැපී නොවැටෙන ලෙස එතුමෝ ඔබ රකිත්වා
ඔඛෙ මුරකරු එතුමාණෝ ඔබ නිති මුර කරත්වා
එතුමන් නෑ කවදාවත් නිදි කිර කිර සිටින්නේ
ඊස්රයෙලුන් රකින්නෝ නො නිදති කිසි දිනක හෝ
සුරකු, ඔබට ඔබට හෙවණ, සුරිඳෝ වෙති නිති පතා
රකවරණය ඔබට දෙන සෙ, ඔබ සුරතේ සිටින්නෝ
රෑ යාමේ සදුගෙන් වන විපතින් ඔබ මුදන්නෝ
දිවා හිරුගෙ උවදුරින් ද එතුමෝ ඔබ රකින්නෝ
ඔබට වදින හැම නපුරින් සුරිඳෝ ඔබ රකින්නෝ
ඔබගේ වන ආත්මයද රකිති ඔවුන් වහන්සේ
යන එන ගමනත් ඔබගේ සුරිදුන් හට බා රවේ
ගෙවෙමින් යන දැනුත් මේ අදත්, හෙටත් නිතිදිනේ