← Hymns මෙනෙහි කිරීමේ ගී

වෙහෙසෙන්නෝ

පුන ගැයුම:

වෙහෙසෙන්නෝ බර උහුලන්නෝ
එත්වා මා වෙතැ එත්වා
ඒ ඒ සියලුදෙනා කැඳවා
නිවම් ඔවුන් මම් සන්හිදුවා

දහඅට වසරක් කුදු ගැහිලා
සිටි ඒ ගැහැනිට පිහිටවුණේ
සමිදුන් සුරතේ පහස ලබා
සුවපත් වූවා එ ලඳ වහා

සමාජයෙන් පිළිකුල් කැරැලා
ඈත් කරපු ලාදුරු රෝගියා
ජේසුගෙ පාමුලැ වැඳැ වැටිලා
කළ කෙන්කෙඳිරිය ළය තැව්වා

අඩ ඇවිත් පොලොවේ හැපිලා
දූගෙ විපත අම්මා කීවා
නොසැලෙන ඇගෙ විස්වාසෙ තකා
ඇගෙ සිත සන්සිදුවා යැව්වා

අබ්බාගාතය පැදුරෙ තබා
උස්සා ගිය හැටි හතර දෙනා
වහළෙන් ගෙතුළට ඔහු බාවා
ජේසුට ආතුරයා පෑවා

කවුද අනේ අද සමාජයේ
අසරණයා හට අත දෙන්නේ
කොතැනද මෙවගේ අය නැත්තේ
අහක බලා ඇයි අප යන්නේ