← Hymns විවිධ ගීතිකා

ඉවසිල්ලක් නැතිව

පුන ගැයුම:

ඉවසිල්ලක් නැතිව දියට ඇදෙන මුවාසේ
මගේ පනද ඉවසුම් නැත ඔබ වෙත සමිඳේ
කෙදිනද ඔබ ඉදිරියෙ මා ඔබව දකින්නේ
මගේ සිතද පිපාසයෙන් තැවෙයි දෙවිදුනේ

කදුලුයි මගෙ දිවා රැයේ ආහර වන්නේ
ඔබේ දෙවිදු කොහිදැයි යනු නිතර ඇසෙන්නේ

සමිදුනිවස වෙත ගියහැටි ජය ගොස මැද්දේ
සිහිවන විට තුති බැති ගී හද තුළ රැව් දේ

මාගේ සිත ඇයි ඔබ සන්සුන්ව නොයින්නේ
මා ගැලවුම සමිදුන් බව අදහා ගන්නේ

මා ශක්තිය වන සමිදුට මා අමතන්නේ
මා අමතක වූයේ ඇයි තතු විමසන්නේ

සතුරාගෙන් පීඩා විඳ වැලපෙනු ඇයි මා
ඔබේ දෙවිදු කොහිදැයි යනු නැවතත් අසනා

සමිදුන් වෙත විස්වාසය මා තුළ වන්නේ
මෙමා තවම සමිදුන් හට ගීත ගයන්නෙ