ආදර දෙවි සමිදු මගේ
ආදර දෙවි සමිදු මගේ
සිරියාබර බවෙන් සදා
කුලුණු නෙතින් සෙනේ සිතින්
පෙම් කරණුව සැමට සදා
ජේසු සුරිදු මහිමි සඳේ
සිතත් ගතත් ඔබට දෙමී
වෙන කිසිවක් අපට නොවේ
ඔබයි රජිදො හද ඉතිරෙ
දුක සැපතට මිතුරු කමින්
සතුරු බලය බිඳා ලමින්
දෙලෝ අසිරි ලබා දෙවා
මහිමි බවේ තෙද පෙන්වා