← Hymns ජේසුතුමන්ට ගී

කි්‍රස්තු රජාණන්ට

කි්‍රස්තු රජාණන්ට ස්තෝත්‍ර වේවා
සෑම කල්හි ජය වේවා
හෝසන්නා /// කි්‍රස්තු රජාණෙනි

දෙවියන් වහන්සේගේ නාමයෙන්
පැමිණෙන තැනැත්තාණෝ
සදාකාලයටම ආරාධිත වේවා

ස්වාමිනී අපි ඔබවහන්සේට නමස්කාර කරමු /
අපි ඔබවහන්සේට සේවය කිරිමට
කැප වන්නෙමු

ජේසුනී, අපේ ගැලවුම් කාරයාණෙනි/
අපේ හෘදයන් තුළ ඔබ ආණ්ඩු කරන සේක්වා

ජේසුස් කි්‍රස්තුනි, දේව කුමාරයාණනි /
අප ගෘහයන්හි ඔබ රජකම් කරන සේක්වා

ජේසුස් කි්‍රස්තුනි, ප්‍රේමයේ රජාණෙනි /
අප මීසම ඔබ ආරක‍ෂා කරන සේක්වා