ආදර ජේසු
පුන ගැයුම:
ආදර ජේසු අපි ඔබගේ දරුවෝ
අපට සමා වන්න අපේ ආදර ජේසු
අපගේ මාපියන්ට අපි අකීකරු වෙලා
අපගේ වැඩිහිටියන්ගේ වදනට පිටුපා
අපේ ගුරුවරුන් කී දේ අමතක කරලා
ඔබේ සිතයි රිදෙව්වෙ අපි ආදර ජේසු
මිතුරු මිතුරියන් සමගින් අමනාප වෙලා
අන් අයගේ අවැසියාව අමතක කරලා
අපගේ යහපත ගැන පමණක් අපි සිතලා
ඔබේ සිතයි රිදෙව්වෙ අපි ආදර ජේසු