← Hymns පිදීමේ ගී

සුවඳ සපිරි

සුවඳ සපිරි පිපෙන මලක් මම නෙලන්නෙ නෑ
මහද මිහිරි පුරන හදක් මම පෙලන්නෙ නෑ
සමිඳ අසිරි නසන බවෙක් මම පතන්නෙ නෑ
පැහැද කිහිරි නැගෙන කලෙක් මම පිදෙන්නෙ නෑ

පුන ගැයුම:

ජීවිත පූජා පූජාසනේ //
දූලි මැදින වෙහෙස කදුළ පියවි ජීවිතේ
කැපිලි පුරන දහස විපුල පියවි ජීවිතේ
ඉපිලි දුදන පහස සකල පියවි ජීවිතේ
විඳලි පිදෙන පසස ලකල පියවි ජීවිතේ

අධම කුරිරු පිරුවේ බලැති ලොවට වින කළෝ
මැවුම මියුරු නැසුවො හදැති ලොවට වින කළෝ
සුසුම වියරු සැදුවො නැගෙති ලොවට වින කළෝ
පැතුම සතුරු පැතුවො ගෙවති ලොවට වින කළෝ