සුර ලොවිනේ
සුර ලොවිනේ බැස මෙදිනේ මවුකුසිනේ බිහිවඩිනේ
එරි දෙතනේ කිරි බොමිනේ මිනි ලෙසිනේ වැඩුනු තැනේ
පුන ගැයුම:
අයි අයියෝ අප උදෙසා ආ
දේව පුත්‍රයා විඳි දුක්සා
දිලෙන රනේ රුව ලෙසිනේ මල් උයනේ සිටිය දිනේ
මෙම මරනේ ඔබට වුනේ කිමෙක අනේ දෙවි රජුනේ
රන් කෙඳිසේ වරල දිසේ රන් කුසයේ ගහන රැසේ
නිල්මිනි සේ සොබන ඇසේ සවන දිසේ විදුලිය සේ
රන් රුවසේ ගත වෙනසේ රුසිරු මෙසේ අසන ලෙසේ
මෙපණලසේ ගිය විගසේ සැම දවසේ වාමි කෙසේ
නිති සොබනා රුසිරු මෙනා මෙඔබ විනා කවුද වෙනා
දිවිද ලිනා ඔප වඩනා දිලෙන රනා රුව ලෙසිනා
සියළු දනා සතුටු වෙනා මිවුරුවනා රස බසිනා
සුර වරනා දිවි රැගෙනා පවු බිඳිනා ගියෙ මෙදිනා
සොබන විලේ මල් උපුලේ කමළුපුලේ දෙනෙත දිලේ
සිත ඇතුලේ ලොබ නොකළේ මෙ ඔබ ලොලේ විය අවුලේ
මෙසක්වලේ තෙදත බලේ පෑ පු පලේ පෙර එකලේ
දැන් මෙකලේ මෙපණනලේ නැත අසලේ කින්ද කලේ