සිහිල් සුළං
පුන ගැයුම:
සිහිල් සුළං රැළි පාවෙන්නේ
කුරුළු හඬින් ගීත ඇසෙන්නේ
තුරු මත මල් කැකුළු දිලෙන්නේ
උදා ගිරෙන් හිරු පායන්නේ
සතුටු සිනාවෙන් මුව සරසාලා
සුහද කතාවෙන් සිත් සනසාලා
දවස හොඳින් ගත කරන්න
සැමටම සුබ සෙත සදන්න
අපට සරණ වන්නැ දෙවිදුනේ //
සැමට දයාවෙන් අතහිත දීලා
මෙත් කරුණාවෙන් සැනසෙන ලීලා
නිරතුරු අප කල් ගෙවන්න
රට දියුණුව ඇති කරන්න
අපට සරණ වන්නැ දෙවිදුනේ //
ඉගෙන ගැනීමෙන් නුවණ වඩාලා
ගුණමිණි බරණින් හැඩ වැඩ වීලා
ඉදිරියටම පිය නගන්න
අනාගතය සරු කරන්න
අපට සරණ වන්නැ දෙවිදුනේ //