← Hymns බොදුන් ගී

වැටි වැටි මා යලි

වැටි වැටි මා යලි යලි නැගිටින විට
මගෙ අත ගෙන මඟ පෙන්නූවා
විඩාව මගෙ සිත සසල කරන විට
දිරිය දෙවන සිතුවිලි එව්වා

සමිඳේ // මා මඟ සලකුණ ඔබවේ
සමිඳේ // මා දිවිය සවිය ඔබවේ

තණ්හා කාමය දෑස වැසූ විට
සැබෑ සතුට මට පෙන්නූවා
ජීවිත අරමුණ නොපෙනී යන විට
එළිය දෙවන ඔසුවක් වූවා

සමිඳේ // මා සැපත සතුට ඔබවේ
සමිඳේ // මා දිව්‍ය ඔසුව ඔබවේ

නැති බැරිකම මා මිරිකා සිටි විට
මිනිස් වෙසින් සරණය වූවා
මිතුරන් මා අත් හැර තනිකල විට
ඔබ මා ලඟ සිට සැනසූවා

සමිඳේ // මා සරණ සදා ඔබවේ
සමිඳේ // මා නිති සැනසුම ඔබවේ
සමිඳේ // මා මග සලකුණ ඔබවේ
සමිඳේ // මා දිව්‍ය ඔසුව ඔබවේ