← Hymns සමුගැනීමේ ගී

සාම මිහිර විහිදා

සාම මිහිර විහිදා
දහම් සුවඳ පතුරා
යහ මග යන්නට ජේසු තුමෙනි
ඔබ සහය අපට දේවා

සාමෙන් ප්‍රේමෙන් එකට වෙලී
අළුත් ලොවක් හදලා
එකතුවෙලා වැඳ වැටිලා අපි
දෙවි උතුමන් වඳිමූ

දයා ප්‍රේමෙනුයි අපගේ ජීවිත බබලන්නේ
සතුරන් හට වුව මෙත් වඩවන්ටයි
කිතු තුම අත දෙන්නේ

ජීවිත සැනසුම අපගේ ඔබය ජේසු තුමෙනී
ඔබ ආලෝකය ලද අය දැල්වෙති
කිසිමැ දිනක නොනිවී