සව් සොමි සිරින්
සව් සොමි සිරින් සුසැදී
ජේසුගෙ හද මන්නා දී
සව් සත වෙත පෙම් බැඳී
පෙම් නොම ලැබ දුක් විඳී
පුන ගැයුම:
ඔබ හට ජේසුනි දිවි හිමියෙන්
කැපවෙමු අපි මෙදින
ඔබ සිරි හෘදය ලැදි අදරින්
සනසමු අපි නිතින
මා පිය සිරි හදෙනි
පෙම් ගිනිදැල් උදුනෙනි
මා හද තුළ නිතිනි
දල්වනු ඔබ පෙම් ගිනි
මෙන් ඔබ හද බැහැපත්
මෙත් කුළුණු ගුණෙන් දිමුත්
සුහදයන් අප තුළත්
සාදනු දුරැර දුසිත්
මන් පිනවන ජේසුනි
පෙම් වඩවන හදෙනි
එන් අප විමන් මෙතිනි
වෙන් අපරද නිතිනි