සව් දේ මැව්
සව් දේ මැව් දෙව් රජිදු සුරලෝ දිලි මා සමිදු
මේ දැන් පායයි ඒ දෙවි දිනිදු මාගේ සුළු මේ ලෙ හිදු
තුන්ලෝ අත්ලේ දරනා එම දෙව් නොම එයි තෙදිනා
එයි පූපෙක් මෙන් බැහැපත් ලෙසිනා දෙව්රැස් වල හා පෙමිනා
පු පෙක්සේ නෙත් දෙකටා පෙනෙතත් බලනා අයටා
ඒ දෙව් පිත් බැව් පෑදේ යසටා පෙම් සිත් ඇති වූ සැමටා
සත් පෑ දිස්නා මනරම් ඉදු සැව් දිනනා එතරම්
රූපත් සාමින්ගේ මම් කෙතරම් වෙම්දෝ නිවසෙක් නොතරම්
ගේ පෙම්වත් පියෙනී ඔබ මා වෙත මේ ලෙසිනී
එන්නා දත් මාගේ නෙත් දෙකිනී වාහි කදුලුත් තිළිනී