← Hymns පිදීමේ ගී

සමිදුනී ඔබටම

පුන ගැයුම:

සමිදුනී ඔබටම ඇප කැප වී
මම පිදෙමී පිදෙමී
සියලු දෙයින් සුසුදු සිතින්
මම පුදමී පුදමී

පිදෙමි සදා පර නොවන මලක් සේ
ඔඛෙ මහිමය උදෙසා
පිදෙමි තවද නොනිවෙන පහනක් සේ
ඔබගෙ එලිය පතුරා
රසය බිඳක් හෝ නොඅඩු ලවණ ලෙස
පිදෙමි රසය වගුරා
පිදෙමි පිදෙමි මම පුදමි පුදමි මම
ඔබට කැපව සැමදා

මා සතු සියලුම දේ ඔබගේ බව
හොඳින් හැඳින පුදමී
සදහට ඔබහට මා ණය ගැති බව
සිතා බැතින් පුදමී
දකුණත දෙන දෙය වම නොදකින ලෙස
ඔබගෙ නමින් පුදමී
රිදෙන තුරුම මම ඔ

මගේ සියලු දෙය මගේ සියලු දෙන
මගේ සියලු ආශා
මගේ සියලු දුක සහ සැම සොම්නස
මගෙ මුළු දිවිය පුරා
ඔබට පඩුරු ලෙස ඔබට පුදමි මම
හැම මොහොතක් පාසා
ඔබට ඔබටමය දෙවිදු ඔබටමය
මගේ පිදුම සපුරා