සමිදුන් පුදන්න
පුන ගැයුම:
සමිදුන් පුදන්න තුති ගී ගයන්න
නගන්න පියමං මැදුර කරා //
සමිෙදෝ අප ආලෝකේ - එතුමෝ අප ආධාරෙ
වීණා වයලා - ගී හඩ නගලා
පසසමු එතුමගෙ තෙද මහිමේ
සුදු පිලි ඇඳ සැරසීලා - රන් රිදියෙන් ඔප වීලා
සමගි වඩවලා - භේද දුරැලලා
පසසමු එතුමගෙ තෙද මහිමේ
කුල මල නැහැ සලකන්නේ - සැවොම දරුවො එතුමන්ගේ
සාමය ඛෙදලා - දරුකම වඩලා
පසසමු එතුමගෙ තෙද මහිමේ
දුප්පත් පොහොසත් වාදේ - ඉදිරියෙ නැහැ එතුමන්ගේ
සැවොම එකා මෙන් - එකමුතු වී අපි
පසසමු එතුමගෙ තෙද මහිමේ
සුවඳ දුමින් ඔසවන්නේ - පැසසුම් වේ අප සැමගේ
මිහිරි හඩ නගා - සුපිරි හද පුරා
පසසමු එතුමගෙ තෙද මහිමේ