← Hymns දිව්ය පූජාව ගායනා පූජා සදහා ගී

සගපුර වැජඹෙන

පුන ගැයුම:

සගපුර වැජඹෙන දෙව්පිය රජිදුනි ඔබ නම සැරදේවා
ඔබගේ රාජ්‍යය පැමිණේවා / ඔබ අභිමත
සගපුර ලෙස මෙලොවෙද නිරතුරු ඉටුවේවා

අපගේ භෝජන එදින් එදා / දෙනුමැන අද දින
අපහට සමිදුනි ඔබගේ කරුණා පා

අපගේ වරදට වන්න කමා / අපට වරද කරනා
අන් අයහට
වන ලෙස අපද කමා

පාපෙට පෙළඹෙන විට.ප සදා / සුරකිනු මැන අප
දෙවි සමිදුනි
සැම නපුරෙන් අපව මුදා