← Hymns ශුද්ධාත්ම ගීතිකා

ශුද්ධාත්මෙනී ශුද්ධාත්මෙනී

පුන ගැයුම:

ශුද්ධාත්මෙනී // වඩින් ශුද්ධාත්මෙනී
මා ජීවිතේ ආලෝකෙනී වඩින් ශුද්ධාත්මෙනී

ඔබේ වරම් මගේ හදේ මවා ශුද්ධාත්මෙනී
මා ජීවිතේ ආලෝකවත් කරන්න ස්වාමිනී

දැවී දැවී සිලෙන් ගිනී රනින් ඔපේ නැඟේ
ඔබේ පෙමින් එසේ අපත් දවන්න ස්වාමිනී

ඉරෙ රැසේ වැදී විලේ නෙලුම් පිපෙන ලෙසේ
ඔබේ දයා රැසින් අපත් පුබුදු කරනු මැනේ