වන්දනීය වූ
පුන ගැයුම:
වන්දනීය වු පූජනීය වූ
ජුසේවාස් ධම්ම දූත පුදැදුරාණනේ
ධීර වීර වූ ඔබේ
දහම් සේවයේ අනුහසින්
මෙ ලක්බිම අපේ එළිය වේ
විපත් වළේ වැටී පෙළී සිටියවුන් සොයා
එදා ගියේ ඔබයි පියේ නොබා රෑ දිවා
දහම් සිසිල පොවා ඔවුන් පවස නිවා
නවෝදයක් උදා කළේ මහා පිනක් ලබා //
කැලෑ මැදින් දෙපා වැරෙන් ගියේ දුර ගමන්
දුගී වෙසින් සැදී ගතින් දරා දැඩි ගිමන්
කුසට අහර පවා නැතිවැ දවස ගෙවා
එදා දෙසූ දහම් අමා රසේ බසී ගලා //
මිනිස් සිතුම් පැතුම් ලොවී සැපට නැඹුරු වී
මිලේ නිලේ බලේ කෙරෙ සිටින වහල් වී
දනන් කෙලෙස් නසා දෙලෝ සැපත් දිනා
දෙවන් වරම් කිතුන් දහම් රකින්න පෙම් පුදා //