← Hymns දේව මෑණියන්ට ගී

මරිය රැජිණියේ

පුන ගැයුම:

මරිය රැජිණියේ මා දයාබර මවේ
දුබල අපට සෑමදා සරණ වන මවේ

මවක ලෙසින් දරු අපගේ අවැසි තා බලා
ඒ සැම අපට නිති ලැබ දෙන දයාබර මවේ //

බැගෑ ලෙසින් අප වෙනුවෙන් දෙව් තුම හමුවේ
මැදහත්වන අප ආදර දයාබර මවේ //

කරුණාබර ඔබ දෙනෙතම අප වෙත යොමවා
අප දුක සැප බලන අපේ දයාබර මවේ //

නිති සරණය දෙන අප හට දයාබර මවේ
ඔබ සළු සෙවනට දිව එමු දයාබර මවේ //