බලව් බලව් අපේ දෙවිසුරෝ
පුන ගැයුම:
බලව් බලව් අපේ දෙවිසුරෝ
මේ හැටි අප වෙතට ළං වුණෝ //
මිනිස් වගට පෑ වදාළ දේව සෙනෙහසේ
ලකුණ මිනිස් බඳ ගතවුණු දෙවි පුතුන් මැවේ
දෙවියන් ගුණ කඳ මහිමේ හා පුරා කියා
ලොවට ඛෙදා දෙනු සඳහා වැඩම කළනියා
ආවෙමි මම දෙන්නට මගෙ පණ ඔබට ඛෙදා
වැඩි වැඩියේ දෙන්නට ඒ සැටියකුත් තකා
දෙවියො මෙසේ කූඩාරම් ගසා ඉන්නටා
සිතූ නියා මිනිසුන් හා හාදකම් වවා
ලෝ ගැලවුම් කරු හැටියට මෙලොවට වැඩියෝ
පව් කරුවන් වැළඳ ගත්හ ලෙඩුන් සුව කළෝ
පණ ගියවුන් හට ඔබ යළි ඒ පණ දුන්නෝ
ඔබ වෙතැ ආ හැම දෙනා මැ සනසා ලූවෝ
බැටෙළු එඬේරා මම හොඳ එසේ බැබැළුණෝ
ඒ සිරි බර සිරිත නිතර ඔබ පුරුදු කළෝ
මුළු ලෝ ජනතාවෝ ඔඛෙ බැටළු රැළ වුණෝ
ඔවුන් එකතු කරනු පි◊සැ ඔබ පණ දුන්නෝ