කිතුනි ඔබේ
කිතුනි ඔබේ අත් බව මා පිරිසිදු කරවා
ඔබේ සිරුර කිතුණේ මා ගලව ගනීවා
ඔබගේ ලේ කිතුණේ මා කුල්මත් කරවා
ඔබේ ඇලෙන් ගැලුව දියේ මා සෝදත්වා
ඔබ විදැපූ වද තිස් දෙක මගෙ දිරි වඩවා
ගුණ කඳ වන ජේසුනි ඔබ මට කන් දෙත්වා
ඔබගේ වණ කැලැල්හි මා සඟව ගනිත්වා
ඔඛෙන් වෙන්වැ ඉන්නට මට ඉඩ නොලැබේවා
හතුරු විපත් ළංවත ඔබ මා අරකිත්වා
මගේ මරණ මොහොතෙදි මා කැඳව ගනිත්වා
ඔබ වෙතැ පැමිණෙන්නට මට අනේ ජේසුනේ
අවසර ඔඛෙ ලැඛෙන ලෙසට නියම කරත්වා
සගවැසි ඔඛෙ සුද්දවතුන් සමග එකතු වී
තොරක් නැතිවැ සතත කාලෙ ඔබට පසස ගී
ගයා ගයා ගෙවනට මට අවසර ලැඛෙවා
එසේ මැ වේවා ජේසුනි එසේ මැ වේවා