පසස පසස සමිදාණන්
පුන ගැයුම:
පසස පසස සමිදාණන් එතුමන් සාන්තුවරයේ
උසට පසස එතුමාණන් විකුමන් පිරි අහස් තලේ
විස්කම් එතුමාණන් පෑ සඳහා වනව්ව එතුමා
එතුමන් මහ තෙද මහිමේ සලකා පසසව් එතුමා
හොරණෑ හඩ පිළිරැව් දි එතුමන් වනව් බබුළුවා
විහිණ වෙසෙස් එකතු වැලා හිමිපා වනව් බබුළුවා
කිකිණි රබන් හඩට නටා සමිදුන් වනව් ගොස ගොසා
නළා හඬින් තත් මැදුමෙන් සමිදුන් වනව් පුන පුනා
අත්තාලම් ගැටුම් ගොසින් හිමිපා සිටිව්ව පසසා
අත්තාලම් එකට ගසා සමිදුන් වනව් රැව් දෙවා
හුස්මක් ඇති සියල්ලෝ මැ සමිදුන් පසස ගොසත්වා
ආලේලූයියා ඔහොයිය රැව් දී සමිදු වනත්වා