← Hymns මෙනෙහි කිරීමේ ගී

පසස පසස අත් බවේ

පුන ගැයුම:

පසස පසස අත් බවේ මගේ
හිමි පා සදුන් වනා
සමිඳේ මගෙ දෙවිසුරාණනේ
ඔබ වෙති අති උතුමෝ

ඇදුමො ඛෙ මහිමා ලංකාරෙ
ආලෝකේ ඔඛෙ ආවරණේ
කූඩාරම ලෙසැ ආකාසේ
දිග ඇරැලා තැබුවෝ ඔබ ඒ

දිය මතුපිටැ ඔබ ගොඩ නැඟ=වෝ
ඔබගේ කිළි ගබ උඩු මාලේ
වළාවො ඔඛෙ වාහන සැරුමේ
ඇවිදිති අත් තටු පිටැ සුළඟේ

පවනෝ වෙති ඔඛෙ පණිවුඩ කරුවෝ
ගිනි ජාලා ඔඛෙ මෙහෙකරුවෝ
පොළොවෙහි පදනම් මතැ නැඟ=වෝ
ඒ නොසැලේ කිසි දවසෙකැ හෝ