දෙවිදුනී අප වෙතේ
පුන ගැයුම:
දෙවිදුනී අප වෙතේ ඔබගෙ අදර කරුණා පා
දුබල පවිටු සතට වෙනු මැනේ කමා
දෙවියනී ඔබගේ ඉමහත් කරුණාව නිසා
මට දයා වුව මැනව
ඔබගේ අනුකම්පාව නිසා මා නිෙදොස් කළ මැනව
මාගේ දොස් වලින් මා මුළුමනින් සෝදාලනු මැනව
මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව
මම මාගේ පව් දනිමී සැම විට මාගේ
පාපය මා ඉදිරියේ ඇත්තේය
ඔබට විරුද්ධව ඔබට පමණක් විරුද්ධව
මම පව් කළෙමී ඔබ ඉදිරියේ අයහපත් දේ
මම කළෙමී
දෙවියනී නිරමල හෘදයක් මා තුළ මැවුව මැනව
නොසැලෙන ආත්මයක් මට දුන මැනව
ඔබගේ සහනයේ පී්‍රතිය මා වෙත දානය කළ මැනව
බැතිමත් ආත්මයකින් මා
ප්‍රාණවත් කළ මැනව
පිතා පුත්‍රයා සහ ශුද්ධාත්මයාණන්ට තුති වේවා
ආදියේ වූවාක් මෙන් දැනුත්
සදහටත් වේවා.