← Hymns මෙනෙහි කිරීමේ ගී

තේජස මහිමය

පුන ගැයුම:

තේජස මහිමය පිරි රජිදාණෝ - කවුදෝ මේ රජිදාණෝ
සැම බල සැම ජය සතු හිමිපාණෝ - ලොව පාලක සමිදාණෝ

මුළු ලොව දෙවිදුන් සතුවේ - සැම දෙය දෙවිදුට හිමිවේ
සමුදුර නෙරපා ගොඩ බිම සැදුවේ - මෙම මහබල දෙවිදුන්වේ

දෙවිදුන් දුටුවේ කවුදෝ - සුර වත දැක්කේ කවුදෝ
ඇත්තට දෙවිදුන් පිරිසුදු අතසිත - සතු අය පමණක් නොවෙදෝ

දෙවිදුන් ආසිරි ඇසුවෝ - සමිදුගෙ යහපත ලැබුවෝ
ගැලවුම් කරුවූ සමිදුන් ඉදරියෙ - වැඳ වැටෙමින් පුද දෙන්නෝ

ඉපැරණි දොරටුව හරිමින් - කැඳවනු සුර රජිණන්
සැම සෙත විදහා පැමිණේ සුරලොව - සැම බල නායක සමිදුන්