ජේසුනි ඔබවේ
පුන ගැයුම:
ජේසුනි ඔබ වේ සුව දෙන්නා
ජේසුනි ඔබ වේ සනසන්නා
ජේසුනි ඔබ වේ ගලවන්නා
ජේසුනි ඔබ වේ දෙවි උතුමා
සමෙරියා ලිඳ ලඟ සිටි ලඳ දැකලා
බොන්නට ඉල්ලුවෙ ඔබ නොවෙදෝ
ජිවන ජලයෙන් ඈ පුරවාලා
යන්නට හැරියේ ඔබ නොවෙදෝ
බේබදු සොයුරා පාරෙ වැතිරි
මා දෙස බැලුවේ පිහිට පතා
ඔහු හට සහනය දෙන්නට බැරිවුනෙ
ඔබ හදුනන්නේ නැති නිසාදෝ
ජෙරිකෝ යන මග සිටි අඳ මිනිසා
මොරගා ඉල්ලුවෙ ඔඛෙ කරුණා
නෙත් මත අත ලා ඔහු සුව කරලා
යන්නට හැරියේ ඔබ නොවෙදෝ
ජීවිතා ලෝකය ලැබුමට කැමතිව
සොයුරා සිටියේ ඇත්ත සොයා
ඔහුගේ කටහඩ ඇසුනේ නෑ මට
ඔබ හදුනන්නේ නැති නිසාදෝ
සිමියොන් නිවසෙහි පා ලඟ සිටි කත
අඩමින් ඉල්ලුවෙ පාප කමා
ප්‍රේමය වැඩියෙන් පෙන් වූ ඈ හට
ගැලවුම දුන්නේ ඔබ නොවෙදෝ