ජේසුනි ඔබට නමෝ
ජේසුනි ඔබට නමෝ - ඔඛෙ පිය දෙවි තුමට නමෝ
ඔබ සමඟින් නිති කල් වැජඹෙන - සුදතුම් හට ද නමෝ
ජේසු තුමන්ට ගී
සුරපුර බොදුනින් අප හද පුරවා
සිරි සිරුරින් අප හට පණ පොවලා
ජීවන ජලයෙන් පුබුදුකළේ
ඔබමය සමිදු අපේ
ඔඛෙ නාමය සැම තැන පතුරන්නම්
ඔඛෙ ප්‍රේමය සැම හට පෙන්වන්නම්
දැහැමි ලෙසින් ජීවත් වෙන්නම්
ඔබමය රජිදුඅපේ
අප මව් පිය හට ආසිරි වේවා
අප සොයුරන් මිතුරන් රැක දේවා
සැම සත හට නිති සුව වේවා
අදරැති සමිදු අපේ